Sunday, November 8, 2009

මුතූව රැවැට්ටූ සබන් සුවඳ..

දවසක් දා හිමිදිරියේ ඉර නැඟිලා දෙහෝරාවක් ගිය තැන, මම උන්නේ ජනේලය ළඟ මේසය මත පොතක් තබාගෙන, සිතුවිලි ලෝකයේ සක්මන් කරමින්. ඔය මනෝ සක්මන අතරෙදි  මගේ නහයට හෙමි හෙමිහිට අපූරු මිහිරි සුවඳක් ළං වුණා. ඇත්තටම ඒක සමන් පිච්ච මල් සුවඳක්. හිමිදිරි පාන්දරක, යාන්තමට තුනී වෙන මීදුම් සේලය අතරින් හිරු රැස් වැටෙනා පරිසරයේ නැවුම් බව විහිදෙන මොහොතක.., සමන් පිච්ච මල් සුවඳක් නහයට ඇතුළු වුණාම... මොන ලෝකෙ හිටියත් ඒ සුවඳ හොයා ගෙන යන්නම හිතෙනවා. ඉතින් මමත්, පොත ළඟ නෙත තබා ගිය මනෝ ලෝකයෙන් මිදිලා, ඒ නැවුම් සුමිහිරි සමන් පිච්ච සුවඳ හොයාගෙන අපේ ගෙදර මිදුලටම බැස්සා. මම හිතුවෙ සමන් පිච්ච වැලේ සුදු පාටට මල් ගොඩාක් එකට පිපිලා සුවඳ විහිදුවනවා කියලයි. ඒත් මේ අවාරෙ. ළඟදි වැස්සකට අහු වුණේ නැති හින්දම සමන් වැලේ එක මල් පොහොට්ටුවක්වත් නෑ.  ඉතින් මම නැවත ගෙතුළට යන්න හැරුණා...
එවිටයි මම දැක්කෙ......,


ළිඳ ළඟ "හරිච්චන්ද්‍ර සමන් සබන්" වලින් රෙදි සෝදමින් ඉන්න අපේ අම්මව...

1 comment:

මධුරංග said...

අපොයි ඔව්.... හරිස්චන්ද එකත් තියෙන්නේ මාතර නේ. ඒ හින්දා වෙන්න ඇති සබන් ඔච්චර සුවද !!!!! කොහොම උනත් සබන් කෑල්ලක් හින්දා හරි කවියක් ලියපු එකත් වටිනවා. ලස්සනයි අක්කා මේ කවි පද පේලී.....