Sunday, November 8, 2009

මුතූ සේකරගේ කවියට වහ වැටෙයි...

පොත් රාක්කේ තිබූ පොත් ගොඩ අතරින් මහගම සේකරයන්ගේ "හෙට ඉරක් පායයි" කෘතිය මගේ අතට හසු වූයේ අහඹුවකින්. අතට හසු වූ නිසාවෙන්ම පොතේ පිටු දෙක තුනක් කියවා බලන්නට සිතුණා. පෙර දා  පොත කියවා හිත නොබැඳි යමකින්, මෙදා මගේ හිත මෙහි කවි කෙරෙහි පෙම් බදින්නට වුණා. ඉක්බිත්තෙන්ම පොතට මුහුණ ඔබා ගත් මම, එහි කවි අතර සැරි සැරූවේ අසීමිත ආශාවකින්. සේකරයන්ටම ආවේණික වූ ඔහුගේ කාව්‍ය ආකෘතිය, මගේ සිතේ පෙරළි කරන්නට විය. ඔහුගේ මනෝභාවයෙන්ම කවියේ හරය ගැන සිතීමට මා පොළඹවන්නට විය. පුදුම වැඩක්! පොතෙන් නෙතු ඉවත් කිරීම කොහෙත්ම කළ නොහැක. කුමක් කරන්න ද? අවසානයේ මට සිදු වූයේ, සේකරයන්ගේ කවි කෙරේ ඇති 'ලොල්බව' මඳකින් හෝ දුරු කර ගැනීම සඳහා ඔහුගේ කාව්‍ය ආකෘති හඹා ගොස් ලබා ගත් කාව්‍ය පරිහරණය ඔස්සේ, කාව්‍ය නිර්මාණයක් මා කෙරෙන් බිහි කිරීමටයි. මගේ නෙත් මොහොතකට හෝ කෘතියෙන් ඉවතට ගත හැකි වූයේ, සේකරයන්ගෙ කාව්‍යාකෘතියන් සදිසි නිමැවුමකට කවි සිතුවිල්ලක් මගේ සිතට පහළ වූ බවට සන් ලැබීමෙන් අනතුරුවය. ඉදින් මා පැබැඳුවා නිසඳැසක්, "යතුරු කටුව" ලෙස නම් තැබූ... 

2 comments:

මධුරංග said...

මොන අවාසනාවකට ද මංදා මං මහගමසෙකර මහත්තයාගේ එක කවියක්වත් කියවලා නෑ. අක්කට පුලුවන් නම් පහලින් කොමෙන් ට් එකක් විදිහටවත් කවියක් දාන්නකෝ. ඒක එක අතකට ලොකු පිනක්. එයාගෙ කවි ලස්සනයි කියලා නම් දන්නවා. ඒත්......

මුතූ said...

http://mahagamasekera.blogspot.com/search/label/%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B6%BD%20%E0%B6%9C%E0%B7%93%E0%B6%AD

ඔන්න එක කවියට කවි බ්ලොගයක්ම.. මේව කියවන්න වටින කවි.. ජීවිත ජීවත් කරවන්න පුළුවන් වෙන්නෙ මේ වගේ කවි කියවල රස විඳිනකොට :)